ගූගල්ගේ ChatGPT තරඟකරු වන Google Bard, පලමු Demo අවස්ථාවේදීම දෝශසහිත තොරතුරු ලබාදීමෙන් දැඩි විවේචනයට

 

පෙබරවාරි 6 වන දින, ගූගල් හි හිමිකරු ඇල්ෆාබෙට් සමාගම පැවසුවේ ඉදිරි සතිවලදී එහි නව කෘතිම බුද්ධි (AI) තාක්ෂණය පරීක්ෂා (public testing) කිරීමට විවෘත කරන බවයි.

ප්‍රතිවාදී මයික්‍රොසොෆ්ට් සමාගම Bing සෙවුම් ප්‍රතිඵල වැඩි දියුණු කිරීම සඳහා ChatGPT භාවිතා කරන බව ප්‍රකාශ කළ බැවින්, ChatGPT සේවාවට සමාන යමක් නිර්මාණය කිරීමට Google හට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. එබැවින් බාර්ඩ් දියත් කිරීමට ගූගල් ඉක්මන් විය.

 CEO Sundar Pichai Google සමාගම Bard AI තාක්ෂණය සඳහා අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පැහැදිලි කර සිටියා. 

ගූගල් හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි බ්ලොග් සටහනක පවසන අන්දමට බාර්ඩ් කෘතිම බුද්ධි සහයකයා - NASA හි James Webb අභ්‍යවකාශ දුරේක්ෂයෙන් නව සොයාගැනීම් පැහැදිලි කිරීමට හෝ මේ වන විට පාපන්දු ක්‍රීඩාවේ හොඳම ප්‍රහාරකයින් ගැන වැඩි විස්තර දැනගැනීමට වැනි ගවේෂණශීලී ව්‍යායාම සඳහා මෙන්ම වෙනත් කටයුතු සඳහාද යොදාගත හැකියි.

පෙබරවාරි 6 පැවත්වූ වැඩසහනේදී “ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් මට මගේ 9 හැවිරිදි දරුවාට පැවසිය හැකි නව සොයාගැනීම් මොනවාද?” යන ප්‍රශ්නයට පිළිතුරු දෙන  ගූගල්  බාර්ඩ් බුලට් පොයින්ට් තුනක් ඉදිරිපත් කරන අතර, එම පිලිතුරු නිරීක්ෂණය කල තාරකා විද්‍යාඥයින් පෙන්වා දුන්නේ බාර්ඩ් දුන් පිලිතුරු නිවැරදි නොවන බවයි.



Comments