කළමණාකරුවා යනු කවුරුන්ද?
ආයතනයක, සංවිධානයක හෝ ව්‍යාපාරයක අරමුණු හා පරමාර්ථ ඉටුකරගැනීමේ වගකීම දරන පුද්ගලයා කළමණාකරු ලෙස හැඳින්වේ.
කළමණාකරු ආයතනයක හෝ දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර ඔහු/ඇය සේවය කරන ආයතනය අනුව, එම ප්‍රධානියා නැතහොත් කළමණාකරුවා විවිධ නම් වලින් හඳුන්වයි.
මේ සඳහා ඔහුට/ඇයට ආයතනයේ හිමිකරුවන්/කොටස් හිමියන්/ ආයෝජකයින් (නැතහොත් ආයතන හිමිකරු වන රජය විසින්) විසින් සම්පත් ලබාදී ඇත.
මෙම සම්පත් අතර මානව සම්පත්, මූල්‍ය සම්පත්, භූමිය හා ඒ ආශ්රිත සම්පත්, යටිතල පහසුකම්, උපකරණ හා යන්ත්රසූත්ර මෙන්ම තාක්ෂණ සම්පත් ද ලබාදී ඇත.
මෙම සම්පත් ඉහළ ඵලදායිතාවයකින් යොදවා ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා කළමණාකරු පහත ක්‍රියාකාරකම් සිදුකරයි.
1- සැළසුම්කරණය
2- සංවිධානකරණය
3- මෙහෙයුම්කරණය
4- පාලනය
හෙන්රි මින්ට්ස්බර් ගේ කළමණාකරණ භූමිකා | Mintzberg's Management Roles
මෙම ක්‍රියාකාරකම් සිදුකිරීමේදී කළමණාකරු විවිධ භුමිකා තුල ක්‍රියාත්මකවේ. මෙම භූමිකා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙන අතර එම භූමිකා තුල උප භූමිකා 10ක් සිදුකරයි.
කළමණාකරුවෙකු විසින් ක්‍රියාත්මක වන භූමිකා පිලිබඳව පලමුවරට අදහස් පලකල කළමණාකරණ විශේෂඥයා ලෙස හෙන්රි මින්ට්ස්බර්ග් හඳුනාගැනේ. ඒ නිසා මෙම භූමිකා මින්ට්ස්බර්ග් ගේ භූමිකා වර්ගීකරණය ලෙසද හැඳින්වේ.
හෙන්රි මින්ට්ස්බර් ගේ කළමණාකරණ භූමිකා තුල ඇති උපභූමිකා හඳුනා ගැනීම
1] අන්තර්පුද්ගල භූමිකාව - ආයතනයේ සේවක මඩුල්ලට නායකත්වය දෙමින් , ආයතනයේ; ගණුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, සේවා සපයන්නන්, කොටස් හිමියන් ආදී විවිධ පුද්ගලයින් සමග නිසි සබඳතා පවත්වමින්, ආයතනය වෙනුවෙන් පෙනී සිටිමින්, ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටුකරගැනීමට මෙන්ම සමාජ සුභසිද්ධිය හා ඇල්මැති පාර්ෂව තෘප්තිමත් කිරීම සඳහා ඔවුන්ගේ සහය ලබාගැනීම
2] තොරතුරු භූමිකාව - ආයතනය තුලට පැමිණෙන, ඉන් පිටතට යන තොරතුරු පිලිබඳව වගකීම දැරීම. ආයතනය තුල හා පිටත ව්‍යාපාරික පරිසරවල තොරතුරු සොයාබලා එක් රැස් කිරීම, විශ්ලේෂණය හා අවබෝධය, එම තොරතුරු අවශ්‍ය පාර්ශව වලට (අභ්‍යන්තර හා බාහිර පාර්ෂව) බෙදා හැරීම මෙන්ම අවශ්‍ය විටකදී ආයතනයේ ප්‍රකාශකයා ලෙස කටයුතු කිරීමේ භූමිකාව
3] තීරණ භූමිකාව - බොහෝ අවස්ථාවලදී ආයතනයේ ප්‍රධාන තීරකයා හෙවත් තීරණ ගන්නා ලෙස ක්‍රියාත්මක වෙන්නේ කළමණාකරුවාය. මෙම තීරණ ගනු ලබන අවස්ථාවේ ස්වභාවය අනුව එම තීරණ වර්ගීකරණය කල හැකිය.
Comments
Post a Comment